දේශීය ව්‍යවසායකයන් වෙත මීට වඩා රාජ්‍ය මැදිහත් වීමක් අවශ්‍යයි

අසෝක පෙරේරා – විශේෂ හැකියාවන් සහිත විශිෂ්ටතම ව්‍යවසායකයා 2015

yyyyyy

 

 

 

 

 

ශ්‍රී ලංකාව දක්ෂයන්ගෙන් පිරුණු රටක්. ඕනෑම කෙනෙක් ඕනෑම දෙකට දක්ෂකමක්, උපන් හපන්කමක් තියෙනවා. මෙතැනදී දෙපැත්තක් තියෙනවා. හොඳ සහ නරක කියලා. හොඳට වගේම නරකටත් ලංකාවේ අය හරිම දක්ෂයි. ඒ වගේම තමයි සමාජයේ සුවිශේෂී අවධානයට ලක් වූ පුද්ගලයන් අතර ලෝකය ජයගත් රැසක් සිටිනවා. තමන්ගේ ලේ කඳුළු දහදිය වලට සමාජ වටිනාකමක් එක්කර ගෙන මේ වගේ මිනිසුන් යථාර්ථවාදීව ලෝකය දකිනවා. ඔවුන් තමන්ගේ හෙට දවස තවත් අයෙකුගේ යහපත වෙනුවෙන් කැප කරන්න කිසිම පැකිලීමක් නෑ. ඒ වගේ සුවිශේෂී දක්ෂතා තිබෙන දිරිය මිනිසුන් මේ රටේ ආර්ථිකයට ප්‍රබල දායකත්වයක් ලබා දෙනවා කිව්වොත් සමහරවිට පුදුමයක් ඇති වෙන කාරණයක්. ඒ වගේ තමන්ගේ ලේ කඳුළු දහදිය වලට සුවිශේෂී ආර්ථික වටිනාකමක් ලබා දිය හැකි පුද්ගලයෙක් තමයි අසෝක පෙරේරා කියන්නේ. 

ශ්‍රී ලංකා වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනය මගින් පවත්වනු ලබන වසරේ විශිෂ්ටතම ව්‍යවසායකයා තේරීමේ ජාතික වැඩසටහනේදී සමාජයේ සුවිශේෂ අවධානයට ලක් වන ව්‍යවසායකයන්ගේ කාණ්ඩය යටතේ පළමු ස්ථානය දිනාගත් ජයග්‍රාහකයා වන ඔහු උපතින්ම එක් අතක් අහිමි වූ පුද්ගලයෙකි. එක අතක් අහිමි වුවද සමාජයේ සිටින සර්ව සම්පුර්ණ මිනිසෙකුට වඩා දැවැන්ත ප්‍රතිරුපයක් ගොඩනගා ගත පුද්ගලයෙකි. ශ්‍රී ලංකාවේ අත්වැසුම් නිෂ්පාදනයේ ප්‍රමුඛයා වෙමින් සුළු හා මධ්‍යම පරිමාණ කර්මාන්තකරුවන් අතරේ සුවිශේෂ ස්ථානයක් හිමි කරගත් මෙම පුද්ගලයා තමන් මේ දක්වා පැමිණි ගමන පිළිබඳව අපි ඔහු සමඟ සවිස්තරාත්මක කතිකාවතක යෙදුණා. අසෝක පෙරේරා Safe Hand Products (Pvt) Ltd. ආයතනයේ කළමණාකාර අධ්‍යක්‍ෂකවරයාය. මේ රටේ අත්වැසුම් නිෂ්පාදනය කරනු ලබන ආයතනයන් අතරින් වඩාත් පැරැණිතම හා ප්‍රධානතම ආයතනයක් ලෙස හැඳින්විය හැක.

මෙම සම්මානය හිමිවීම පිළිබඳව මොකද හිතෙන්නේ?

�ේරීමේ ජාතික වැඩසටහනේදී සමාජයේ සුවිශේෂ අවධානයට ලක් වන ව්‍යවසායකයන්ගේ කාණ්ඩය යටතේ පළමු ස්ථානය දිනාගත් ජයග්‍රාහකයා වන ඔහු උපතින්ම එක් අතක් අහිමි වූ පුද්ගලයෙකි. එක අතක් අහිමි වුවද සමාජයේ සිටින සර්ව සම්පුර්ණ මිනිසෙකුට වඩා දැවැන්ත ප්‍රතිරුපයක් ගොඩනගා ගත පුද්ගලයෙකි. ශ්‍රී ලංකාවේ අත්වැසුම් නිෂ්පාදනයේ ප්‍රමුඛයා වෙමින් සුළු හා මධ්‍යම පරිමාණ කර්මාන්තකරුවන් අතරේ සුවිශේෂ ස්ථානයක් හිමි කරගත් මෙම පුද්ගලයා තමන් මේ දක්වා පැමිණි ගමන පිළිබඳව අපි ඔහු සමඟ සවිස්තරාත්මක කතිකාවතක යෙදුණා. අසෝක පෙරේරා Safe Hand Products (Pvt) Ltd. ආයතනයේ කළමණාකාර අධ්‍යක්‍ෂකවරයාය. මේ රටේ අත්වැසුම් නිෂ්පාදනය කරනු ලබන ආයතනයන් අතරින් වඩාත් පැරැණිතම හා ප්‍රධානතම ආයතනයක් ලෙස හැඳින්විය හැක.

EOY_3475

ඒකට හේතුව හැටිය

ට දකින්නේ මොකක්ද?

ඇත්තටම බලන්න ඉන්දියාව වගේ රටක සුළු හා මධ්‍යම පරිමාණ කර්මාන්තකරුවන් සඳහා ලබා දෙන රාජ්‍ය අනුග්‍රහය. චීනය දිහා බලන්න. වෙනත් රටවල අමුද්‍රව්‍ය සංචිත සොයාගෙන ඒවා තමන්ගේ රටට ගෙනල්ලා යම් යම් නිෂ්පාදන කටයුතු සඳහා ලබාදීලා ව්‍යවසයකයන්ව දිරිමත් කරනවා. අද අපේ රටේ විවිධ භාණ්ඩ නිෂ්පාදන අමුද්‍රව්‍ය කොච්චර ප්‍රමාණයක් ඒ රටවලට යවනවද? ඇයි අපිට ඒ වගේ කරන්න බැරි. මම වගේ විවිධ නිෂ්පාදන දක්ෂතා තියෙන විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඔවුන් නිෂ්පාදන වලට තියෙන බාධක නිසා සමහරුන් අමාරුවෙන් කරගෙන යනවා. සමහරුන් නතර කරලා දමනවා. සමහර අය තමයි අපි

වගේ දුක් විඳලා විඳලා මේ වගේ තැනකට එන්නේ. මම මේ තැනට එන්න පුදුම විදියට දුක් විඳලා තියෙනවා. අද මම ආපු ගමන ගැන තෘප්තිමත්. එකට මේ සම්මානයත් හේතුවක්.

ඔබතුමා ගැන කිව්වොත්?

මගේ සම්පුර්ණ නම අසෝක පෙරේරා. පානදුරේ නගරයට කිට්ටුව වෙරළබඩ තමයි මම ඉපදුණේ. මම උපදිනකොටම මගේ වම් අත තිබුණේ නෑ. පොඩි කාලේ ඒ ගැන මට එච්චර දැනීමක් තිබුනේ නෑ. මොකද මගේ තාත්තා මට ගොඩක් උදව් කළා. මම පාසල් ගියේ පානදුරේ උපාධ්‍යා විද්‍යාලයට. එක පැරණි පාසලක්. මම අට පන්තියේ ඉන්නකොට මගේ තාත්තා නැති වුණා. ඒ එක්කම මගේ පවුල අසරණ වුණා. එතනින් මගේ පාසල් නතර වුණා. පස්සේ මම මගේ මාමා එක්ක ගෝල්ෆේස් එකේ වෙළඳාම් කරන්න ආවා. එතන විවිධ වෙළඳාම් කළා. මගේ වයස එතකොට 17ක් විතර ඇති. ඊට පස්සේ මම බයිසිකලයක් අරගෙන රස කැවිලි බෙදා හරින්න පටන් ගත්තා. උදේම පානදුරේ ඉඳන් නුගේගොඩට ඇවිල්ල නුගේගොඩින් රස කැවිලි අරගෙන ආයේ කඩවල් වලට දාගෙන පානදුරේට යනවා. මේක ටිකක් හොඳයි. එත් අමාරුයි. සවසට සැහෙන දුරක් බයිසිකලේ පදින්න වෙනවා. එක තමයි ඒ කාලේ ජීවිතේ වුණේ.

 

දිගටම ඒ දේ කළාද?

නැහැ. ඒ කාලේ ඒ කියන්නේ 1985දී විතර සමාජ සේවා දෙපාර්තමේන්තුව මගින් සුවිශේෂ සමාජ අවධානයට ලක්වන්නන් සඳහා ආරම්භ කරන ලද වෘත්තීය පුහුණු පාඨමාලාවක් කළා අවුරුදු 1 1/2ක. ඇඳුම් මැසීමේ පාඨමාලාවක්. පොඩි ළමුන්ගේ ඇඳුමේ ඉඳන් මහල් ඇඳුම් දක්වා සියලුම ඇඳුම් නිර්මාණ සම්බන්ධව ඉතාම ක්‍රමානුකුලව පුහුණුවක් මට ලැබුණා. එක තමයි මගේ ජීවිතය වෙනස් කළ කඩඉම. මම සාර්ථකව ඒ පාඨමාලාව කළා.

 

ඒ පාඨමාලාව ඉවර කළාට පස්සේ?

මම එක ඉවර කරලා පානදුරේ Stylish කියන ප්‍රසිද්ධ ඇඳුම් මහන තැනක වැඩ පුහුණු වෙන්න ගියා. ඒ කාලේ එතන ටිකක් ප්‍රසිද්ධයි. ඒ නිසා ලොකු ලොකු අය එතනට එනවා. එක වැඩ පුරුදු වෙන්න හොඳම තැනක්. මම රැයක් දවාලක් නැතිව වැඩ පුරුදු වුණා. හැම ඇඳුමක්ම හොඳට කපන්න මහන්න පුරුදු වුණා. ඊට පස්සේ එතනින් අයින් වෙලා 1992දී විතර තනියම ගෙදරම ඇඳුම් මහන්න පටන් ගත්තා. පළාතේ ගොඩක් අය මගෙන් ඇඳුම් මහන්න පටන් ගත්තා. පස්සේදී මම කල්පනා කළා එලියට එන්න ඕනේ කියලා. මම වත්තල ප්‍රදේශයට ඇවිත් ට්‍රේලර් සාප්පුවක් පටන් ගත්තා. එතන මම ටිකෙන් ටික දියුණු වෙනකොට මම කටුනායක වෙළඳ කලාපයේ ආයතන වලින් අපනයනයෙන් ඉවත් කරන ඇඳුම් අරගෙන විකුණන්න පටන් ගත්තා. එතැනදී මට සෑහෙන්න ලාභ ගන්න පුළුවන් වුණා. මගේ කැපවීම ගැන බලලා මට විශේෂ වරප්‍රසාද ලබා දෙන්න ඒ ආයතන වල නිලධාරීන් නම්‍යශීලී වීම මගේ දියුණුවට හේතුවක්.

 

 

අත්වැසුම් නිෂ්පාදනයට යො

මු වුණේ?

කටුනායක වෙළඳ කලාපයේ හැම ආයතනයකටම අත්‍යවශ්‍ය දෙයක් තමයි මේ අත්වැසුම්. එතනත් අත්වැසුම් නිෂ්පාදන කම්හල් තිබුණා. ඒ අය පිටරටට තමයි එයාලගේ නිෂ්පාදන යැව්වේ. මෙහේ කම්හල් වලට දුන්නේ නෑ. නමුත් ඒ අත්වැසුම් නිෂ්පාදන කම්හල් වල පළුදු වෙන ඒවා මට ගන්න පුළුවන් වුණා. මම මුලින්ම කළේ මේ පලුදු ඒවා අරගෙන හොඳ අත්වැසුම් බවට පත් කරලා ලංකාවේ ආයතන වලට දුන්නා. මම මගේ වැඩේ උපරිමයෙන්ම කරන්න උත්සාහ කළා. මට මගේ මහන්සියේ ප්‍රතිඵල ලැබුණා. ඒ නිසා මට සැහෙන්න ඇණවුම් ලැබෙන්න පටන් ගත්තා. මගේ ඇඳුම් මැසීම නවත්වල පුර්ණ කාලීනව මෙම කර්මාන්තය කරන්න පටන් ගත්තා. මේකෙන් මට හොඳ ලාභයක් ලැබෙන්න පටන් ගත්තා. මම ගොඩක් අයට රැකියා දුන්නා. මම රැකියා දුන්නේ මම වගේ සමාජයේ විශේෂ අවධානයක් යොමු විය යුතු විවිධ ආබාධ සහිත අයට. ඒ වගේ විශාල ප්‍රමාණයක් මම ළඟ වැඩ කරනවා.

අද වන විට තත්ත්වය කෙසේද?

මම අද වන විට ලංකාවේ ප්‍රථම අත්වැසුම් නිෂ්පාදකයා වෙලා තියෙනවා. එක විශ්ෂ කාරණයක්. අනික තමයි මට මේ රටට අවශ්‍ය නිෂ්පාදනයන් යම් සැලකිය යුතු ප්‍රමාණයක් නිෂ්පාදනය කිරීම පටන් අරගෙන අවුරුදු 9ක් පමණ වෙනවා. මම අත්වැසුම් ක්ෂේත්‍රයට ඇවිත් අද මාසයකට 20000ක පමණ ධාරිතාවක් සහිත කම්හලක් පවත්වාගෙන යන්න මට හැකි වෙලා තියෙනවා. ශ්‍රී ලංකාවේ වෙළඳපොළට පමණක් සපයන මගේ නිෂ්පාදනයට තවම සන්නාමයක් නෑ. එහෙම නැතුව වුණත් මගේ ව්‍යාපාරය සාර්ථකව පවත්වාගෙන යන්න මට හැකිවෙලා තියෙනවා. එක මගේ කැපවීම නිසා.

DSC_0551scan0007

මට මේ දක්වා කිසිඳු සැලකිය යුතු අනුග්‍රහයක් ලැබිලා නෑ. එක්වරක් මේ වෙනකම් රාජ්‍ය මට්ටමෙන් ලැබුණු අනුග්‍රහය?

ජපානයේ මාස 3ක පුහුණුවකට යන්න ලැබුණා සමාජ සේවා අමාත්‍යංශය යටතේ. එත් මම එතනට ගියේ සම්මුඛ පරීකෂණයකට මුහුණ දීලා. මගේ හැකියාවන් මත තමයි තෝරා ගත්තේ. එහෙම නැතිව මම වගේ අයෙකුට ලැබිය යුතුයි කියන සමාජ වටිනාකම රජයේ පාර්ශවයෙන් ලැබිලා නෑ. රජය විසින් සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයෙකුට ලැබිය යුතු යම් වරප්‍රසාදයක් රජය විසින් ලැබෙනවා නම් මේ රටට අවශ්‍ය අත්වැසුම් අවශ්‍යතාවයෙන් සැලකිය යුතු ප්‍රමාණයක් නිෂ්පාදනය කරන්න පුළුවන්. රජයේ ආයතන වලට අවශ්‍ය ඕනෑම තත්ත්වයක අත්වැසුම් නිෂ්පාදනය කරන්න හැකියාව මට තියෙනවා. විශේෂයෙන් රජයේ රෝහල් වලට අවශ්‍ය විශාල ප්‍රමාණයක අත්වැසුම් පිටරටින් ගෙන්වන්න විශාල විනිමයක් වැය කරනවා. එත් මට පුළුවන් ඒ විදේශ විනිමයෙන් සැලකිය යුතු ප්‍රමාණයක් ඉතිරි කරලා දෙන්න.

රජය පාර්ශවයෙන් විය යුතු දේ කිව්වොත්?

මට කම්හලක් පටන් ගන්න යන්ත්‍ර සුත්‍ර ගේන්න බදු සහන නිෂ්පාදන රජයේ ආයතන වලට මිලදී ගැනීම වගේ දේවල් කරනවා නම් හොඳයි. පිටරටින් එන මහා පරිමාණ ව්‍යාපාරිකයන්ට බදු සහන දෙනවා නම් මේ රටේ නිෂ්පාදකයන්ට ඒ වරප්‍රසාදය ලබා දෙන්න කටයුතු කරන්නේ නෑ. අද එකයි අපේ රට තුළ සේවා ආර්ථිකයක් තියෙන්නේ. මේ රටාව නිෂ්පාදන ආර්ථිකයකට පරිවර්තනය වෙනවා නම් ඒකට රාජ්‍ය මැදිහත්වීමක් අවශ්‍යයි. ආයතන තිබුණට නිලධාරීන් සිටියට අවශ්‍ය දේ නොවෙනවා නම් රටක් ගොඩ නැගෙන්නේ කොහොමද? ඉස්සර වෙලාම විය යුතු වන්නේ මේ රටේ නිෂ්පාදකයන්ගේ නිෂ්පාදන නගා සිටුවීමට කටයුතු කිරීම නෙමෙයි. අඩුම වශයෙන් නව රජයෙන් හෝ මේ දක්වා අවධානයක් නොලැබීම කනගාටුවට කරුණක්.

 

පුද්ගලික ජීවිතය ගැන කිව්වොත්?

මගේ බිරිඳ දීපා චන්දිමාලි. ඇය හොඳ ගෘහණියක්. මගේ ජීවිතයේ දියුණුව ආරම්භ වෙන්න බිරිඳ හේතුවක්. අපි දෙන්නා අවුරුදු 8ක් ආදරය කරලා තමයි විවාහ වුණේ. Safe Hand Products ආයතනය ආරම්භ කළේ 2013දී. මේක ආරම්භ කරන්න මාව දිරිමත් කළේ මගේ බිරිඳ. ඇත්ත වශයෙන්ම සෑම සාර්ථක මිනිසෙකු පිටුපසම සිටින්නේ ඔහුගේ බිරිඳ බව කීම සත්‍යයක්. අපිට දරුවන් තිදෙනෙක් සිටිනවා. අපි ප්‍රීතිමත් පවුලක්.

බිරිඳ දීපා චන්දිමාලි

අසෝක සමඟ විවාහ වීමට හේතු වුයේ මොනවාද?

එයා මට හැමදාම විශේෂ විශේෂ කෙනෙක් වුණා. එක අතකින් දියුණු වෙන්න උත්සාහ කරන ධෛර්යවන්ත මිනිසෙක් තමයි මම හැමදාම දැක්කේ. මම ආදරය කරන්න පටන් ගත්තේ අන්න ඒ ධෛර්යමත් මිනිසාට. ඔහු හරිම සුන්දර කෙනෙක්. අපි හොඳ පවුල් ජීවිතයක් ගත කරනවා. ඔහු කොතරම් කාර්යබහුල වුණත් පවුලේ කටයුතු වෙනුවෙන් විශේෂ අවධානයක් යොමු කරන්න අමතක කරන්න නෑ. මම අපේ ගෙදර සියලු දෙනාගේම විරුද්ධත්වය මැද අසෝක එක්ක විවාහ වෙන්න

අවේ විශාල අභියෝගයක් අරගෙන. ඒක මම ජය ගත්තා. මට හරිම සන්තෝෂයි. ඔයා මේ රටට සුවිශේෂ කෙනෙක්. විශාල මෙහෙවරක් කරන්න ශක්තියක් එයට තියෙනවා.

DSC_0544

 

 

 

 

 

අසෝක පෙරේරා

සමාජ මෙහෙවර ගැන කිව්වොත්?

මම වගේ උපතින්ම ආබාධ සහිත විශාල පිරිසක් අපේ සමාජයේ සිටිනවා. අන්න ඒ අයව නගා සිටුවීමට මම පුද්ගලිකව මැදිහත් වෙනවා. එවැනි අයට උපකාර කරලා සමාජයට යමක් කරන්න ඔවුන්ට අත දෙන එක තමයි මගේ එකම අරමුණ. දැනටමත් එවැනි දේ කරනවා. ඉදිරියටත් මීට වඩා පුළුල් විදියට කරන්න බලාපොරොත්තු වෙනවා.