Federation of Chambers of
Commerce and Industry of Sri Lanka

මැයි දින පණිවුඩය

 

මැයි දින පණිවුඩය

සමස්ථ ලෝකවාසී කම්කරු ජනතාවගේ වෘත්තීය අයිතීන් උදෙසා සිය මතවාදය ලෝකය හමුවේ තැබීම වෙනුවෙන්ම වෙන්වන ලෝක මැයි දින සැමරුම සඳහා ඒකරාශී වන සමස්ථ ශ්‍රී ලාංකීය වැඩ කරන ජනතාව වෙනුවෙන් ශ්‍රී ලංකා වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනය වෙනුවෙන් ගෞරවනීය සුභ පැතුම් එක්කර සිටිමු.

රටක පවතින ආර්ථිකයේ ප්‍රධානතම භූමිකාව වන්නේ කම්කරුවාය. සියල්ල ඔවුන්ගේ ක්‍රියාවලිය මත රැදී සිටියි. ඕනෑම රටක හෙට දවසේ පැවැත්මක තීරණාත්මක සාධක වූ ඔබ වෙත එක් දිනකට පමණක් නොව සෑම දිනකම ගෞරවයට පාත්‍ර විය යුතුය.

වර්තමන ලෝකයේ බොහෝ රටවල පවතින නිෂ්පාදන ආර්ථිකයන්හි මෙහෙයුම්කරුවා වන්නේ කම්කරුවන්ය. එහෙත් ඔවුන්ගේ හඬ එක දිනකට පමණක් සීමා වේ. එහෙත් ස්වභාව ධර්මයෙන් උරුම සාධකයන් මෙන්ම කම්කරුවන් ද ලෝකයේ පැවැත්ම උදෙසා අත්‍යවශ්‍ය සාධකයක් වේ. එහෙයින් අප ඔබ වෙත ගෞරව කිරීම හඬට සවන්දීම එක දිනකට පමණක් සීමා කිරීම බලවත් අසාධාරණයකි. අපගේ සමාජයේ සාමාජිකයෙකු වන ඔබ ද අපගේ සමාජ පැවැත්මේ ප්‍රධාන සාධකයක් වන්නේය. එහෙයින් අප ද හදවතින් ඔබ සමග එක් වී සිටිමු.

ස්තුතියි…