ලාංකීය මුල්‍ය හා ආර්ථික මාධ්‍ය ක්ෂේත්රයේ සැබෑ වෙනසක් ඇති වේවි
ලාංකීය මුල්‍ය හා ආර්ථික මාධ්‍ය ක්ෂේත්රයේ සැබෑ වෙනසක් ඇති වේවි
ශ්‍රී ලංකා වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනයේ සභාපති අජිත් වත්තුහේවා
“මේ රටේ පැවැත්ම උදෙසා සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරන ප්‍රබල සමාජ බලපෑම් කණ්ඩායම් වශයෙන් මෙරට මුල්‍ය හා ආර්ථික මාධ්‍ය ක්ෂේත්‍ර ක්‍රියාකාරීන් හඳුන්වන්න පුලුවන්. අද ඕනෑම ක්ෂේත්රයක ක්‍රියාකාරිත්වය රඳා පවතින්නේ මාධ්‍ය සමග පවතින යහපත් සම්බන්ධතාවයන් මත. ඒ වුණාට මෙවැනි සමාජ මෙහෙවරක් කරන මාධ්‍යවේදීන් සමාජමය ඇගයීමට ලක්වීම සිදු වන්නේ ඉතාම අල්ප වශයෙන්. ජාත්‍යන්තරයට සාපේක්ෂව අපේ රටේ මාධ්‍යවේදීන් ද ඉතාම දක්ෂ පිරිසක්. අපි ඔවුන්ව ජාත්‍යන්තරයට රැගෙන යායුතුයි. වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනය වශයෙන් මේ මැදිහත් වීම හරහා එම තත්ත්වය ඇති කළ හැකි බව අපි විශ්වාස කරනවා. ඒ නිසයි මේ ආකාරයෙන් සංවිධානයක් බිහි කිරීමේ මුලික පරමාර්ථය.” ශ්‍රී ලංකා වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනයේ සභාපති අජිත් වත්තුහේවා මහතා මෙම අදහස් පළ කළේ වාණිජ මණ්ඩල සම්මේලනය හා ඒකාබද්ධව ආරම්භ කළ මුල්‍ය හා ආර්ථික මාධ්‍ය සංසදයේ ආරම්භක රැස්වීම අමතමිනි.
ශ්‍රී ලංකා වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනයේ මාධ්‍ය කළමනාකරු ගෝඨාභය සුමනසේකර මහතාගේ සංකල්පයකට අනුව බිහිවූ මෙම මුල්‍ය හා ආර්ථික මාධ්‍ය සංසදය මෙරටෙහි මාධ්‍යවේදීන්ගේ වෘත්තියමය ගුණාත්මක වර්ධනයක් උදෙසා ක්‍රියා කිරීම පිණිස නිර්මාණය වුවක්. මේ සඳහා කොළඹ රමාඩා හෝටලයේ පැවති මාධ්‍යවේදීන් අමතමින් තවදුරටත් අදහස් දැක්වූ වත්තුහේවා මහතා……….
තරයට සාපේක්ෂව අපේ රටේ මාධ්‍යවේදීන් ද ඉතාම දක්ෂ පිරිසක්. අපි ඔවුන්ව ජාත්‍යන්තරයට රැගෙන යායුතුයි. වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනය වශයෙන් මේ මැදිහත් වීම හරහා එම තත්ත්වය ඇති කළ හැකි බව අපි විශ්වාස කරනවා. ඒ නිසයි මේ ආකාරයෙන් සංවිධානයක් බිහි කිරීමේ මුලික පරමාර්ථය.” ශ්‍රී ලංකා වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනයේ සභාපති අජිත් වත්තුහේවා මහතා මෙම අදහස් පළ කළේ වාණිජ මණ්ඩල සම්මේලනය හා ඒකාබද්ධව ආරම්භ කළ මුල්‍ය හා ආර්ථික මාධ්‍ය සංසදයේ ආරම්භක රැස්වීම අමතමිනි.
“අද සමාජය තුල පවතින ප්‍රධාන වෘත්තීන් අතර මුල්‍ය හා ආර්ථික මාධ්‍යවේදී වෘත්තීය හැඳින්විය හැකියි. ඒ වුනාට මාධ්‍යවේදීන් උදෙසා සිදුවිය යුතු බොහෝ දේවල් තිබුණත් නිසි ආකාරයෙන් සිද්ධ වෙන්නේ නෑ. එකයි අපි කල්පනා කළේ මේ රටේ මාධ්‍යවේදීන් උදෙසා යමක් සිදු කරන අතරේ ඔවුන්ගේ වෘත්තියමය තත්ත්වයේ ගුණාත්මක වර්ධනයක් සඳහා මග පෙන්විය යුතුයි කියලා”.
මුල්‍ය හා ආර්ථික මාධ්‍ය සංසදය ක්‍රියාත්මක වනු ලබන්නේ ශ්‍රී ලංකා වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනය යටතේ. මෙහිදී සිදුවන්නේ මුල්‍ය හා ආර්ථික මාධ්‍යවේදීන් සඳහා විෂය ක්ෂේත්‍ර අධ්‍යාපනික කටයුතු යොමු කරවීම ප්‍රධාන වේ. දේශීය වශයෙන් සංවිධානය කරනු ලබන වැඩමුළු හා සම්මන්ත්රණ ආදියට අමතරව විදේශීය ශිෂ්‍යත්ව පිරිනැමීම ද සිදුවේ. එමෙන්ම මාධ්‍යවේදීන්ගේ පුද්ගලික පරිහරණය සඳහා නවීන විද්‍යුත් උපකරණ ලබාදීම හා එම උපකරණ පරිහරණය පිළිබඳව දැනුම ලබාදීම ද සිදු කිරීමට සම්මේලනය අපේක්ෂා කරයි.
මෙම අවස්ථාව සඳහා වාණිජ මණ්ඩල සම්මේලන මහලේකම් අජිත් පෙරේරා මහතා හා ආචාර්ය අමිල කන්කානම්ගේ මහතා ඇතුළු සම්භාවනීය පිරිසක් සහභාගී වී සිටියහ.