Federation of Chambers of
Commerce and Industry of Sri Lanka

වෙසක් දින පණිවුඩය

වෙසක් දින පණිවුඩය

ලෝකවාසී සමස්ථ බෞද්ධ ජනතාවගේ උතුම්ම දිනය වන්නේ ලොව්තුරු බුදුන් වහන්සේගේ තෙමගුල සිදු වූ උතුම් වෙසක් පොහෝ දිනයයි. මෙවැනි දින සමස්ථ ලෝකවාසී බෞද්ධ ජනතාව ආමිස පුජා ප්‍රතිපත්ති පුජා වල නිරත වෙමින් සම්මා සම්බුදු තෙමගුල සමරයි.

එහෙත් බොදු තෙමගුල සමරන මෙම උතුම් දිනයේ තෙමගුල සිදු වූ දේශය ආසන්නයේ සිදු වූ මහා ඛේදවාචකය කිසිසේත් බෞද්ධ පමණක් නොව සියලු ආගමිකයන් එකා මෙන් හදවතින්ම කණගාටුව ප්‍රකාශ කරන්නේය. තවත් පැත්තක දැවැන්ත මිනිස් සංහාරයන් සිදු වේ. මිලේච්ඡත්ව සමස්ථ සමාජ ව්‍යුහය තුල ඉතාම ඛේදනීය ලෙස පැතිර ගොස් ඇත. මව පියා නොහඳුනන ලෝකයක මත් ද්‍රව්‍ය මත්පැන් හා වෙනත් විෂමාචාරයන් මත ගොඩනැගුණු ඉතාම පිළිකුල් සහගත සමාජ ක්‍රියාවලිය පිළිබඳව සැමගේ අවධානය යොමු විය යුතු වන්නේය. එක් දිනකට පමණක් සීමා නොවී සෑම දිනයක්ම වෙසක් දිනයක් සේ සලකා කටයුතු කරන්නේ නම් මෛත්‍රී කාරුණිකව දයාව පිරි සාමකාමී ලෝකය බිහි වන්නේය. මේ උතුම් දිනයේ සැවොම එවැන්නක් ප්‍රාර්ථනා කරන්නට එක් වෙමු.