Federation of Chambers of
Commerce and Industry of Sri Lanka
Menu
About Us
About FCCISL
Profile
Board of Directors
Executive Council
Partnerships
Achievements
Chairman's Message
Advisory Committe
Services
Services we provide
Training and Capacity Building
Small & Medium Enterprise Development (SMED)
Certificate of Origin
Business Consultancy Services
Trade Facilitation
Gallery
Media Gallery
Press Releases & Publications
News at FCCISL
Videos
Photo Gallery
Newsletters
Events
Member Zone
FCCISL Memberzone
Our Members
Why be a Member
How to become a Member
Contact Us
Useful Links
Careers
CLOSE
ශ්‍රී ලංකාවේ නිෂ්පාදන සඳහා යුරෝපයේ ඉල්ලුම වැඩි වන ලකුණු……….
පසුගිය සති කිහිපය තුළ ශ්‍රී ලoකාවේ ඇති වූ දේශපාලනික හා ආර්ථික ප්රවණතා හේතු කොට මෙරට නිෂ්පාදන කෙරෙහි යුරෝපීය වෙළඳපොළෙහි අවධානය යොමු වී ඇත. නවදිල්ලියේ පිහිටි බල්ගේරියානු තානාපති කාර්යාලය මගින් කරන ලද ආරාධනාවකට අනුව ශ්‍රී ලංකා වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනය මෙරට ව්‍යාපාරික ප්‍රජාව සඳහා නිල ව්‍යාපාරික සංචාරයක් මෙම මස 22 සිට 25 දක්වා බල්ගේරියානු ජනරජයේ සිදු කරනුයේ මෙහි ප්‍රථම පියවර වශයෙනි. එහිදී දෙරටෙහි ව්‍යාපාරිකයන් අතර ද්වීපාර්ශ්වික සාකච්චා රැසක් සිදු වන අතර එහිදී ඇති වන එකඟතාවයන්ට අනුව අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීම සඳහා ද මෙහිදී අවස්ථාව උද වනු ඇත.
විවිධ හේතුන් මත ශ්‍රී ලංකාව හා යුරෝපය අතර පැවැති වෙළඳ සම්බන්දතා බිඳ වැටීමක් දක්නට තිබු නමුත් මෙම ව්‍යාපාරික නිල සංචාරය තුලින් යුරෝපීය වෙළඳපොල තුල පවතින තත්ත්වය වර්ධනය කර ගැනීමට අවස්ථාව උදාවේ. මෙහිදී තේ, මැණික් හා ස්වර්ණාභරණ, ටයර් හා රබර් ආශ්රිත නිෂ්පාදන, මත්ස්‍ය නිෂ්පාදන, කුළු බඩු නිෂ්පාදන, ඇඟලුම්, අත්කම් හා තෑගී භාණ්ඩ, පොල් හා ඒ ආශ්රිත නිෂ්පාදන, අධ්‍යාපන යන ක්ෂේත්‍ර සඳහා මෙහිදී විශේෂ අවධානයක් යොමු කර ඇත. මෙම නිල ව්‍යාපාරික හමුවේදී බල්ගේරියාව සහ යුරෝපීය වෙළඳපොල තුල ව්‍යාපාරික කටයුතු මෙහෙය වන මහා පරිමාණ ව්‍යාපාරිකයින් රැසක් මුණ ගැසීමට හා තම නිෂ්පාදන එම ව්‍යාපාරිකයින් වෙත ඍජුවම හඳුන්වාදීමේ අවස්ථාව හිමිවේ.
අප වෙත මෙම නිල ව්‍යාපාරික සංචාරය සිදු කිරීමට අරාධනා කරන ලද්දේ බල්ගේරියානු ජනරජයේ තානාපති කාර්යාලයත්, එරටෙහි වාණිජ හා කර්මාන්ත මණ්ඩලයත් එකාබද්ධව, මෙරටෙහි විදේශීය වෙළඳපොල ඉලක්ක කරගෙන යම් නිෂ්පාදන කටයුත්තක නිරත වෙන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින්ට, එම විදේශ වෙළඳපොලට ප්‍රවේශ වීමට සැහෙන්න මහන්සි වීමට හා වියදම් කිරීමට සිදුවෙනවා. එහෙත් ඒ සඳහා විශාල මූල්‍ය ශක්තියක් අවශ්‍ය වෙනවා. මෙවැනි දෙයකින් ව්‍යාපාරික ඒ වාගේ ව්‍යාපාරිකයින්ට අවම වියදමකින් තමන්ගේ අරමුණට යාමට හැකි වෙනවා. එයයි මෙවැනි ව්‍යාපාරික නිල සංචාරයක තිබෙන වැදගත්කම…..මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකා වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනයේ සභාපති අජිත් වත්තුහේවා මහතා ප්‍රකාශ කර සිටී.
විදේශීය වෙළඳපොල වෙත තම නිෂ්පාදන සඳහා අවස්ථාවක් ලබා ගැනීමට තනිවම උත්සාහ කරන්නේ නම් ඒ සඳහා විශාල වෙහෙසක් දැරීමට නිෂ්පාදකයාට සිදුවේ. එහෙත් ශ්‍රී ලංකා වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනය ඒ සඳහා දක්වන දායකත්වය හා මෙරටෙහි සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් සඳහා උදා වන ඉතාම වැදගත් අවස්ථාවකි. මෙම ව්‍යාපාරික නිල සංචාරය තුල ඉහත සඳහන් නිෂ්පාදන ක්ෂේත්රයන්ට අමතරව වෙනත් ක්ෂේත්රයක නිෂ්පාදනයක නිරත වන ව්‍යාපාරිකයින් සඳහා ද අවස්ථාව ලබා ගත හැක. ඒ සඳහා එම නිෂ්පාදන පිළිබඳව විස්තර ශ්‍රී ලංකා වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලන ප්‍රධාන කාර්යාලය හා සම්බන්ධ වීමෙන් සිදු කල හැක. මෙම නිල ව්‍යාපාරික හමුව පිළිබඳව සියලුම විස්තර සඳහා 076 5470465 යන ජංගම දුරකතනයෙන් හෝ
[email protected]
යන විද්‍යුත් ලිපිනයෙන් සුරංගිකා අමතන්න.